ඊයේ පත් කල අමාත්‍යධූර හරහා සිදු වූයේ පරණ මුහුණුවලට වරදාන, වරප‍්‍රසාද වෙනුවෙන් නැවතත් තනතුරු ප‍්‍රදානය කිරීමක් පමණක් බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.එම පෙරමුණේ නායක අනුර කුමාරදිසානායක අද (23) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කියා සිටියේ , විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් දහස් ගණන් සිරගෙට යවන්න කතා කරපු, මැතිවරණයක් නොතිබුණා නම් සබරගමු ශිෂ්‍යයන්ට කරන දේ බලාගන්න තිබුණා කියලා තර්ජනය කරපු, විශ්වවිද්‍යාල සිසුන් ගණනාවකගේ පන්ති තහනම් කරපු සිසුන් ගණනාවක් සිරගත කරපු, චන්ද්‍රිකා බණ්ඩාරනායක නිරුවතින් පාරේ ඇවිද්දවනවා කියපු, අපේ රටේ අධ්‍යාපනය පෞද්ගලික ව්‍යාපාරිකයින්ගේ ව්‍යාපාර බවට පත්කිරීමට දොර ඇරපු, එස්.බී. දිසානායකලාට නැවත තනතුරු ලැබීම කණගාටුවට කරුණක් බවයි.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ,
"ඊයේ දිනයේදී ඇමතිධුර, නියෝජ්‍ය ඇමතිධුර සහ රාජ්‍ය ඇමතිධුර ප‍්‍රමාණයක් නැවත දිවුරුම් දුන්නා.ඇත්තටම සිදුවුණේ පරණ මුහුණුවලට වරදාන, වරප‍්‍රසාද වෙනුවෙන් නැවතත් තනතුරු ප‍්‍රදානය කිරීමයි.ජනවාරි 08වැනිදා ජනවරම ලැබුණේ මොකටද? අපේ රටේ බහුතරයක් ජනතාව රාජපක්‍ෂ පාලනය පරාජයට පත්කළා. එසේ පරාජයට පත්කළේ මහින්ද රාජපක්‍ෂ පමණක් නෙවෙයි. ඔහු වටේ සිටි සහචර කණ්ඩායම ඇතුළු රාජපක්‍ෂ පාලනය තමයි ජනතාව විසින් පරාජයට පත්කළේ.රාජපක්‍ෂ පවුලටත් ඔහු වටා සිටි කල්ලියටත් තිබුණු විවේචනය වගේම විවේචනයක් ඔහුගේ ඇමතිවරුන්ට, නියෝජ්‍ය ඇමතිවරුන්ට, පාර්ලිමේන්තු කණ්ඩායමටත් එල්ල වෙලා තිබුණා.
විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් දහස් ගණන් සිරගෙට යවන්න කතා කරපු, මැතිවරණයක් නොතිබුණා නම් සබරගමු ශිෂ්‍යයන්ට කරන දේ බලාගන්න තිබුණා කියලා තර්ජනය කරපු, විශ්වවිද්‍යාල සිසුන් ගණනාවකගේ පන්ති තහනම් කරපු සිසුන් ගණනාවක් සිරගත කරපු, චන්ද්‍රිකා බණ්ඩාරනායක නිරුවතින් පාරේ ඇවිද්දවනවා කියපු, අපේ රටේ අධ්‍යාපනය පෞද්ගලික ව්‍යාපාරිකයින්ගේ ව්‍යාපාර බවට පත්කිරීමට දොර ඇරපු, එස්.බී. දිසානායකලටත් එරෙහිව තමයි පසුගියදා ජනවරමක් ලැබුණේ. නමුත් එම ජනවරමෙන් පෙරළා දමන ලද පුද්ගලයින් නැවත වරක් වරදාන, වරප‍්‍රසාද තනතුරු ලබාදී ආණ්ඩුවට ඇතුළත් වෙනවා. මේ කි‍්‍රයාවලිය මුළුමනින්ම ජනවරමට පටහැණියි. මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයාත්, රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයාත් මේ තත්වය වහාම රටට පැහැදිළි කළ යුතුයි. ජනතාව මෛතී‍්‍රපාල සිරිසේන මහත්තයාට ඡන්දය ලබාදුන්නේ ඔහු ජනපති ධුරයට පත්කිරීමට පමණක් නොව මහින්ද රාජපක්‍ෂ පාලනය මුළුමනින්ම එළවා දැමීම සඳහායි. එම ජනවරම මුළුමනින්ම අමතක කර දමා පරාජයට පත් පුද්ගලයින්ට තනතුරු ලබාදීම ජනවරමට පටහැණියි. මෙය ජනතාව විසින් අනුමත නොකළ යුතු තත්වයක්.
ඇමතිවරු 39ක්, නියෝජ්‍ය ඇමතිවරු 23ක්, අටවා ගන්නා ලද රාජ්‍ය ඇමතිවරු 17ක් මේවන විට පත්කර තිබෙනවා. රාපක්‍ෂ පාලනය සමයේ සියයකට අධික අමාත්‍ය මණ්ඩලයටත් විශාල විවේචනයක් එල්ල වෙලා තිබුණා. මේවන විටත් කිසිදු විද්‍යාත්මක ක‍්‍රමයකට අමත්‍යංශ විෂයයන් වෙන් නොකොට රාජපක්‍ෂ පාලනය සමයේ මෙන්ම ඇමති මණ්ඩලය විකෘති තත්වයකට පත්කර තිබෙනවා. ඇමතිධුර ප‍්‍රමාණයත්, විෂයන් වෙන්කර තිබෙන ආකාරයත් ජනවාරි 08වැනිදා ලැබුණු ජනවමරමට පටහැණියි.
දැන් ඔවුන් කියනවා මේක ජාතික ආණ්ඩුවක් කියලා. එක්සත් ජාතික පක්‍ෂයටත් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයටත් එකතුවෙලා රට පාලනය කරන්න කියලා අපේ රටේ ජනතාව ජනවරමක් ලබාදුන්නේ නැහැ. 2010දී පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන්වත් ජනවාරි 08වැනිදා පැවති ජනාධිපති මැතිවරණයෙන්වත් මේ ආකාරයට ජාතික ආණ්ඩුවක් ගොඩනගන්න ජනවරමක් ලැබිලා නැහැ. ජනාධිපතිවරණය සමයේදී කිව්වේ කෙටි කාලයකින් පසුව පවත්වනු ලබන මහමැතිවරණයෙන් පසුව ජාතික ආණ්ඩුවක් හදනවා කියලා. මේ පාර්ලිමේන්තුවෙන් ජාතික ආණ්ඩුවක් හදනවා කිව්වේ නැහැ. ඒ නිසා මේ ජාතික ආණ්ඩුව ජනවරමට පටහැනියි.ජාතික ආණ්ඩුවක් හදන්න අවශ්‍ය නම් එළඹෙන මහමැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂයත් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයත් ජනතාව ඉදිරියේ කියන්න ඕනෑ මේ මැතිවරණයෙන් පස්සේ ජාතික ආණ්ඩුවක් හදන්න ජනවරමක් දෙන්න කියලා. ජනතාව ඒ සඳහා වරමක් දෙනවා නම් එජාපයටත් ශ‍්‍රීලනිපයටත් ජාතික ආණ්ඩුවක් හදන්න පුළුවන්. 2010 මැතිවරණයේදී ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය ඔවුන්ගේ ප‍්‍රතිපත්තිවලට අනුවත් එක්සත් ජාතික පක්‍ෂය ඊට හාත්පසින්ම වෙනස් ප‍්‍රතිපත්ති සඳහාත් ජනතාවගෙන් ඡන්දය ලබාගත්තා.ජනවාරි 08වැනිදා මෛතී‍්‍රපාල සිරිසේන මහත්තයාත්, මහින්ද රාජපක්‍ෂ මහත්තයත් එකිනෙකට වෙනස් ප‍්‍රතිපත්ති මැතිවරණයට ඉදිරිපත් කළාමෛතී‍්‍රපාල කිව්වේ නව ව්‍යවස්ථා සංශෝධන කිහිපයක් සහිතව ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණ සඳහා ජනවරමක් දෙන්න කියලයි. රාජපක්‍ෂ කඳවුර කිව්වේ ඔවුන් ඒ වන විටත් ගෙනයනු ලබන කි‍්‍රයාමාර්ග ඉදිරියට ගෙනියනවා කියලා. ඒ අනුව පවිත‍්‍රලා, එස්.බී. නාවින්නලා, ඩිලාන්ලා මහින්ද රාජපක්‍ෂ වෙනුවෙන් පෙනී සිටිමින් මැතිවරණයේදී කටයුතු කළා.
මේ ජාතික ආණ්ඩු කි‍්‍රයාවලියේ ප‍්‍රධාන අරමුණු දෙකක් තියෙනවා. මේ වනවිටත් වංචාවට, දුෂණයට එරෙහිව ප‍්‍රබල ජනතා විරෝධයක් මතුවෙලා තිබෙනවා. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ අල්ලස් කොමිසමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට වගේම අලූතෙන් පිහිටුවන ලද මහා පරිමාණ දුෂණ මර්දන ඒකකයටත් විශාල පැමිණිලි ප‍්‍රමාණයක් බාරදී තිබෙනවා.ඒ සම්බන්ධයෙන් විවිධ පරීක්‍ෂණ කටයුතු කෙරීගෙන යන නිසා එයින් දුෂිතයින් වංචාකාරයින් ආරක්‍ෂා කරගන්න ජාතික ආණ්ඩුව හරහා ඉඩක් විවර කරගන්න උත්සාහ කරනවා. පසුගියදා පාර්ලිමේන්තුවේදී මුදල් ඇමතිවරයා විසින්ම කියා සිටියා පැවති ආණ්ඩුවේ ඇතැම් මන්තී‍්‍රවරුන් එතනෝල් ජාවාරම්වලට සම්බන්ධයි කියලා. කැබිනට් ප‍්‍රකාශක කිව්වා ප‍්‍රබල මන්තී‍්‍රවරයෙක් සහ පුද්ගලයින් කිහිප දෙනෙක් ඩොලර් කෝටි 150කට ආසන්න මුදලක තැන්පතුවක් ගැන. ඒ වගේම හිටපු ඇමතිවරු විවිධ මර්දනීය කි‍්‍රයාවලියන්ටත් සහභාගි වුණා. පහුගිය ආණ්ඩුවේ එවැනි කි‍්‍රයාවලීන්වලට සම්බන්ධ හිටපු ඇමතිවරු මේ ආණ්ඩුවේ තනතුරු ලබාගත්තාම වංචාකාරයින්ට, දුෂිතයින්ට දඬුවම් ලබාදෙන්නේ කොහොමද?
ඒ වගේම මේ වන විට ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය මැතිවරණයෙන් පරාජයට පත්වෙලා තිබෙනවා.දැන් එම පක්‍ෂයට අවශ්‍යවෙලා තිබෙනවා මේ ජාතික ආණ්ඩු සංකල්පයට ගිහින් ඔවුන්ට අහිමි වෙලා තිබෙන බලය නැවත වතාවක් අත්පත් කරගන්න.ජනවාරි 08වැනිදා පරාජයට පත්කළ දුෂ්ඨ ජනතා විරෝධී කි‍්‍රයාමාර්ගවලට සම්බන්ධ වුණු කණ්ඩායම් නැවත වතාවක් බලය අත්පත් කරගන්න ජාතික ආණ්ඩුවක් හරහා උත්සාහ දරමින් ඉන්නවා. ශී‍්‍රලනිප භාණ්ඩාගාරික එස්.බී. නාවින්න, උප සභාපතිවරුන් වන පියසේන ගමගේ, එස්.බී. දිසානායක, රාජිත සේනාරත්න, මාධ්‍ය ප‍්‍රකාශක ඩිලාන් පෙරේරා, උප ලේකම්වරයෙක් වන මහින්ද අමරවීර යන ශ‍්‍රීලනිපයේ තනතුරු දරණ අය ආණ්ඩුව නියෝජනය කරමින් ඇමති ධුර දරනවා.ඒ කියන්නේ මේ වන විට ශී‍්‍රලනිපයේ කණ්ඩායමක් ආණ්ඩුව නියෝජනය කරනවා.මීට කලින් සිදුවුණේ පක්‍ෂයේ කොටසක් පක්‍ෂය අතහැර ගිහින් පවතින ආණ්ඩුවට එක්වීමයි. නමුත් දැන් සිදුවෙලා තිබෙන්නේ පක්‍ෂ අනුමැතියෙන් කොටසක් ආණ්ඩුවට ඇතුල් වීමයි.
දැන් නිමල් සිරිපාලද සිල්වා විපක්‍ෂ නායක ධුරය දරන ගමන් ජෝන් සෙනෙවිරත්න ආණ්ඩු පක්‍ෂ සංවිධායක ධුරය ලබාගන්න උත්සාහ කරනවා. ශී‍්‍රලනිපය කකුලක් ආණ්ඩුවේ තබාගෙන තව කකුලක් විපක්‍ෂයේ තබාගෙන ඉන්නවා. අපි ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයට කියනවා මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට විහිළු කරන්න එපා කියලා.ජනවරම පාවාදී මෛතී‍්‍රපාලත් රනිල් වික‍්‍රමසිංහත් කටයුතු කරනවා. පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි එහාට මෙහාට කරලා විකාරරූපී රංගනයක් පාර්ලිමේන්තුවේ සිදුකළ යුතු නැහැ. ඔවුන් ජනවාරි 08 වැනිදා ලබාදුන් ජනවරම තේරුම් ගත යුතුයි. ජනතා මතය තිබෙන්නේ වංචාවට දුෂණයට, ජාතික අසමගිය ඇති කරපු ගමනට එරෙහිවයි.
ඒ නිසාම ජනතාවගේ ප‍්‍රගතිශීලී අරමුණු ඉටු කිරීමට කටයුතු කළ යුතුයි. අපේ‍්‍රල් 23වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා නව පාර්ලිමේන්තුවක් ගොඩනගා ගැනීමට ජනතාවට ඉඩ ලබාදිය යුතුයි.මෙම ඇමති ධුර ලබාදීමට නිල වාහන, නිල නිවාස, තනතුරු, වරප‍්‍රසාද ලබාගැනීමට දරන වෙහෙස 19වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීම සඳහා නොතිබුණේ ඇයි? එවැනි වුවමනාවක් තිබුණා නම් 19වැනි ව්‍යවස්ථා සංශෝධය මේ වනවිටත් සම්මත කරගන්න තිබුණා. ඒ වගේම තොරතුරු දැනගැනීමේ පනත මේ වනවිටත් සකස් කොට අවසන් කොට තිබෙනවා. නමුත් එය නැවත නැවත සාකච්ඡා කරමින් යට ගහන්න හදනවා. ඒවගේම වංචා-දුෂණවලට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව විමර්ශන කටයුතු කරන්න හදිසියක් නැහැ.ජනතා බලය ලබාදුන් කි‍්‍රයාමාර්ගවලට ඈලි මෑලි වෙන මේ ආණ්ඩුව තනතුරු වරප‍්‍රසාද වෙනුවෙන් වේගයෙන් කටයුතු කරමින් ඉන්නවා.දවස් 30කට අමාත්‍ය ධුර ලබාගන්න මේ තරම් වුවමනාවක් මොකද? දින 30ක්වත් තමන්ගේ වාහනයක්, නිවසක්, පාවිච්චි කරගන්න මේ දේශපාලනඥයින්ට බැරිද? මාසයක්වත් තනතුරු, වරප‍්‍රසාද නැතිව ඉන්න බැරිද? මේ දේශපාලන කණ්ඩායම්වල වුවමනාවයි, අරමුණුයි කි‍්‍රයාත්මක වෙන්නේ ජනතාවට එරෙහිවයි. ජනතාවගේ වුවමනාවන් වෙනුවට මෙම දේශපාලන කණ්ඩායම්වල වුවමනාව උඩට ඇවිත් තිබෙනවා. මෙම දේශපාලන කණ්ඩායම් ජනතාවට එරෙහි පැත්තේ හිටගෙන ඉන්නේ. ඒ නිසා ජනතාවගේ වුවමනාවන් සහ පාලකයින්ගේ වුවමනාවන් අතර පරස්පරයක් තිබෙනවා. ඒ නිසා තමයි ජනතාව තමන්ට කැමති පාලනයක් ගොඩනගන්න කටයුතු කළ යුතු වන්නේ.
අපේ‍්‍රල් 23වැනිදා පාර්ලිමේන්තුව අනිවාර්යයෙන්ම විසුරුවිය යුතුයි. මේ ආකාරයෙන් විගඩම්කාරී පාර්ලිමේන්තුවක පාලනයක් තව දුරටත් අපේ රටට අවශ්‍ය නැහැ. පාර්ලිමේන්තුව විසුරුවා පවත්වන පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂයත් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයත් මැතිවරණයෙන් පස්සේ ජාතික ආණ්ඩුවකට යනවා නම් ඒ පිළිබඳව ජනතාවට මැතිවරණයේදී ඒ බව පවසා ජනවරමක් ලබාගත යුතුයි.
එසේ නොමැතිව විගඩම්කාරී ලෙස පාර්ලිමේන්තුවේ වැඩකටයුතු සිදු නොකළ යුතුයි.
මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින්
ජනවාරි 08වැනිදාටත් පෙර සිටම අපි කිව්වා මහින්ද රාජපක්‍ෂ පාලනය අනිවාර්යයෙන් පරාජය කළ යුතු බවත් මැතිවරණයෙන් පසුව ගොඩනැගෙන පාලනය පිළිබඳව සහතික දෙන්නේ නැති බවත්. අපි මැතිවරණයටත් කල් තියා දැකපු දේවල් අද යථාර්ථයක් බවට පත්වෙලා තිබෙනවා. අප ජාතික විධායක සභාව නියෝජනය කරන්නේ ව්‍යවස්ථා සංශෝධනය වැනි නීතිමය සංශෝධන කිහිපයක් සම්මත කර ගැනීමට බලපෑම් කිරීමේ අරමුණින්.
ජාතික විධායක සභාව ව්‍යවස්ථාපිත ආයතනයක් නෙවෙයි. එහිදී එළඹෙන එකඟතාවයන් කි‍්‍රයාත්මක කළ යුතු වන්නේ ආණ්ඩුවයි. 19වැනි සංශෝධනය, තොරතුරු දැනැගනීමේ පනත, මන්තී‍්‍රවරුන්ට අදාල අචාරධර්ම පද්ධතිය මේ වනවිටත් සකස් කොට තිබෙනවා. ඒ වගේම වංචා දුෂණවලට සම්බන්ධ පුද්ගලයින්ට දඬුවම් ලබාදීමට අවශ්‍ය තොරතුරු, සාක්‍ෂි අදාල ආයතනවලට ලබාදී තිබෙනවා.මේ සම්බන්ධයෙන් ඉදිරි කි‍්‍රයාමාර්ග ගත යුත්තේ ආණ්ඩුවයි.
ජාතික විධායක සභාවේ කාර්යභාරය එවැනි නිශ්චිත කාරණා කිහිපයකට සීමා වෙනවා. අපි මැදිහත් වෙන්නේ ඒ වෙනුවෙන් පමණයි. කැබිනට් මණ්ඩලය පත්කිරීම, ආමාත්‍යාංශ විෂයන් තීරණය කිරීම, ජාතික විධායක සභාවට අයත් කි‍්‍රයාවක් නෙවෙයි. අපි මේ කැබිනට් මණ්ඩයට ඇතුළත් නොවුනේ මේ කැබිනට් එකෙන් කිසිදු සාධනීය කි‍්‍රයාමාර්ගයක් සිදු නොවන බව දන්න නිසයි.තව දුරටත් ජාතික විධායක සභාවට සහභාගී වෙනවාද යන්න පිළිබඳව පක්‍ෂය තුළ දීර්ග ලෙස සාකච්ඡා කරන්න අවශයයි. මොකද මේ වෙනස හදිසියේ සිදුවූවක් නිසා.කෙසේ වෙතත් ජාතික විධායක සභාව පවතින්නේ අපේ‍්‍රල් 23වනදා පමණයි. එතැනින් එහාටත් ජාතික විධායක සභාව පවතිනවා නම් කළ යුත්තේ කුමක්ද කියලා සාකච්ඡා කළ යුතුයි. යම්කිසි පක්‍ෂයක් දෙකඩ වෙනවා නම් එය වළක්වා ගැනීම සඳහා ආණ්ඩුව දිනාගත යුතු නැහැ. ඒ ඒ පක්‍ෂවල ගැටුම් පක්‍ෂ අභ්‍යන්තරය තුළ බේරාගත යුතුයි. යම්කිසි පක්‍ෂයක ගැටලූ විසඳා ගැනීම සඳහා ආණ්ඩුවක ඇමතිධුර ප‍්‍රදානය කරනවා නම් එය බරපතල තත්වයක්. 19වන ව්‍යවස්ථා සංශෝධනය මේවන විට සකස් කර අවසන්. කැබිනට් මණ්ඩලය මගින් අනුමත කර ගැසට් කරලත් අවසන්. අලූත් ඇමතිවරු පත්කරන්න තිබුණු වුවමනාව 19 ගේන්න තිබුණා නම් මේ වෙනකොටත් සම්මත කරගන්න තිබුණා. නමුත් තව දුරටත් ඒ සඳහා අවස්ථාව තිබෙනවා. අපේ‍්‍රල් මුල් සතියේ පාර්ලිමේන්තු සභා වාරය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කරගත යුතුයි. ඒ වගේම ඡන්ද ක‍්‍රමය වෙනස් කරනවා නම් සුළු කාලයක් ඇතුළත එය ඉටු කිරීමට නොහැකියි. මොකද, දිනේෂ් ගුණවර්ධන වාර්තාවට වුණත් සැලකිය යුතු කාලයක් ගතකරන්න සිදුවුණා. ඒ වගේම එක් එක්කෙනාගේ බල වුවමනාවට අනුව ඡුන්ද ක‍්‍රමය වෙනස් කරන්න ඉඩදෙන්න බැහැ. ඒ වගේම මේ වනවිට තර්කයක් මතුවෙලා තිබෙනවා 19 සංශෝධනයත් එක්ක මැතිවරණ ක‍්‍රමය ගේන්න ඕන කියලා. ඒක මැතිවරණය කල් දාගන්න කරන උපක‍්‍රමයක් පමණයි.
හෙළ උරුමය, මුස්ලිම් කොංග‍්‍රසය, එජාපය, රාධකි‍්‍රෂ්නන්ගේ පක්‍ෂය ආණ්ඩුව නියෝජනය කරනවා. පටලැවිල්ල තිබෙන්නේ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ. සභාපති, උප සභාපති, මාධ්‍ය ප‍්‍රකාශක, භාණ්ඩාගාරික ආණ්ඩුවේ. ජ්‍යෙෂ්ඨ උප සභාපති විපක්‍ෂයේ. කොටසක් ආණ්ඩුවේ ඇමතිකම් අරගෙන වරදාන, වරප‍්‍රසාද බුක්ති විඳින ගමන් නිමල් සිරිපාල කියනවා මම විපක්‍ෂ නායකකම කරලා ඒ වරප‍්‍රසාද ටික ගන්නම් කියලා.ඒ නිසා අපි මුලින්ම කිව්වා මේක සෙටප් කරන ලද පාර්ලිමේන්තුවක් කියලා.ඒ ආකාරයේ සෙල්ලම් කරන්න ඉඩදිය යුතු නැහැ.අපි මේ පිළිබඳව පාර්ලිමේන්තුවේදී ප‍්‍රශ්න කරන්න බලාපොරොත්තු වෙනවා. කොහොම වුණත් විපක්‍ෂයේ කාර්යභාරය තීරණය වෙන්නේ කි‍්‍රයාකාරිත්වය අනුවයි. අපි පාර්ලිමේන්තුවේ කුඩා නියෝජනයක් වුණාට ජනතාවගේ වුවමනාවන් වෙනුවෙන් විපක්‍ෂයේ කාර්යභාරය ඉටු කරනවා.
මේ උද්ගත වෙලා තිබෙන තත්වය රටටත් ජනතාවටත් අහිතකරයි.ඒ නිසා අපි ඊට එරෙහිව ජනතා බලයක් ගෙඩනගනවා. ජනතාව පෙළගැස්වීමට මැතිවරණයට කලින්ද පසුවද යන්න අපිට අදාල නැහැ. අපි මේ ප‍්‍රකාශ කරන්නේ ජනතාවගේ මතයයි. එය ඡුන්දයේදී ප‍්‍රතිපලයක් වෙනවාද නැද්ද යන්න අපිට අදාල නැහැ. අපි හරහා ප‍්‍රකාශ වෙන්නේ ඔබලාගේ හිත්වල තිබෙන ආණ්ඩුවට එරෙහි මතයයි. එය අපි නියෝජනය කරනවා.
මේ ආණ්ඩුව හැදෙන විටම ශී‍්‍රලනිපයේ කණ්ඩායමක් හිටියා මෛතී‍්‍රපාල මහත්තයාට සහාය ලබාදුන්නු. ඔවුන් ජනාධිපතිවරණයට කලින් සිටම මෛතී‍්‍රපාල මහතාගේ පාර්ශ්වය නියෝජනය කළා. නමුත් දැන් මෛතී‍්‍රපාල මහත්තයා පරාජය කරන්න වැඩ කරපු පිරිසක් ආණ්ඩුවේ ඇමතිධුර ලබාගෙන වරප‍්‍රසාද බුක්ති විඳිනවා. එය ඉතාම අපුල දවනව කරුණක්. රාජපක්‍ෂ පාලනය පරාජයට පත්වෙනකොට ඒ පිරිසත් පරාජයට පත්වුණා. රාජපක්‍ෂ ජනාධිපතිවරයාටත් වඩා දැඩි විවේචනයක් ඒ ආණ්ඩුවේ ඇමතිවරුන්ට එරෙහිව එල්ල වෙලා තිබුණා. විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම තමයි පසුගිය ජනාධිපතිවරණයේ විවිධ පාර්ශ්ව එකට බැඳ දමා තිබුණු ගිවිසුම වුණේ. ඒනිසා එම පොරොන්දුව ඉටු කරමින් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කළ යුතුයි. මෛති‍්‍රපාල ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 5 අවසන් වන විට අන්තර් කාලීන විධිවිධානවලට යටත්ව හෝ විධායක ජනාධිපති ධුරය අහෝසි විය යුතු බවයි අපගේ ස්ථාවරය. නමුත් අද විවිධ කණ්ඩායම් විවිධ අරමුණුවලින් වැඩ කටයුතු කරන බවක් පේන්න තිබෙනවා. "
උපුටා ගැනීම
http://lankanewsalert.com
0 comments:
Post a Comment