Monday, March 23, 2015

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වටා ඒකරාශිවී සිටින ජනතාව දැක උහුලා ගැනීමට නොහැකිවූ ශ්‍රිලනිප පාක්ෂිකයන් දැන් දැන් මහින්ද රාජපක්ෂට ජැක් එක ගැසීම ආරම්භ කර තිබේ.

 පසුගිය දිනවලදී අතහැර දමා තිබූ මහින්ද රාජපක්ෂව ඇතැමුන් දැන් තමන්ගේ ඔඩොක්කුවට ගැනීම සදහා කටයුතු කරන්නේ ඔහු වටා ඒකරාශිවී සිටින ජන ගග පරාජය කිරීමට ඔවුන්ට හැකියාවක් නොමැති බව දන්නා නිසාවෙනි.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ශ‍්‍රීලනිප මහ ලේකම්වරයා වෙත ලිපියක් යවමින් ප්‍රකාශ කර ඇත්තේ ශ‍්‍රීලනිපය සහමුලින්ම වනසා දමන සිරිකොත කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මක වී ඇති බවට තමන්ට කරුණු වාර්තාවී ඇති බවයි.


මහින්ද රාජපක්ෂව දේශපාලන පලි ගැනීම් වලට හසු කරමින් ඔහුව කැපීම සදහා එජාප පිරිසක් කුමන්ත්‍රණය කිරීමත් යම් යම් දේශපාලන උවමනාවන් හේතුවෙන් ඒ සදහා ඉඩකඩ ලබා දීමටත් පසුගිය දිනවලදී යම් යම් අය කටයුතු කලා.නමුත් එ.ජ.නි.ස. ජයග්‍රහණය වෙනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ක්‍රියාකාරී දේශපාලනය පිළිබඳ තීරණයක් ගන්නේ නම් ඒ සඳහා එ.ජ.නි.සන්ධානයෙන් ඉදිරිපත්වීම පිළිබඳව කිසිදු විරුද්ධත්වයක් නොමැති බව එ.ජ.නි.ස. මහ ලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා. - See more at: http://lankanewsalert.com/?p=31980#sthash.4sTDS9Gv.dpuf

0 comments:

Post a Comment