මහින්ද රාජපක්ෂ මහතාගේ කේන්දරයට වඩා මෛත්‍රීපාල මහතාගේ කේන්දරය බලගතුයි.
ඔහු මේ බව පැවසූවේ ස්වාධීන රූපවාහිනී සේවයේ සත්‍යාගාරය වැඩසටහනට එක්වෙමිනි.
මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය වසරේ නොවැම්බර් මස 21 වැනි දා පොදු
අපේක්ෂක ලෙස ඉදිරිපත් වූ දවසේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය
පිළිබඳව සැක මතුවූ බවත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගෙන් තුනෙන් දෙකක්
පමණ අනාගතය පිළිබඳව තමන් හා සාකච්ඡා කරන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
“මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ කේන්දරය බැලුවේ 2006 අවුරුද්දේ එතුමා
මගේ ගෙදරට ඇවිල්ලා. එතුමා හැමදාම කේන්දර බලන්න එන කෙනෙක් නෙමෙයි. එතුමා මගේ
හොඳ ගෞරවනීය මිත්‍රයෙක් අද හුඟ දෙනෙක් මාධ්‍යයෙන් කියනවා මම එතුමා රාජ්‍ය
නායකයා වෙනවා කියලා. මම ප්‍රසිද්ධියේ එතුමා ගාවට ගිය කෙනෙක් 2006
අවුරුද්දේ. මෙතන ජනාධිපතිතුමාගේ කේන්දරයට වඩා මෛත්‍රීපාල මහත්තයගේ කේන්දරය
බලගතුයි.“ යැයි හෙතෙම සඳහන් කළේය.
තමන් ඉදිරියට දේශපාලන මත ප්‍රකාශ නොකරන බවත් තමන් දිවියේ සැදෑ සමය ගත කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
0 comments:
Post a Comment