බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් ශ්‍රී ලංකාවේ
සාධනීය ප්‍රතිසංස්කරණ ඇති කිරීමට ශ්‍රී ලංකා ජනාධිපතිවරයා තුළ ඇති අභිලාෂය
අගය කිරීමට ලක් කරයි.
එහෙත් බ්‍රිතාන්‍යය
බලාපොරොත්තු වන්නේ වාග් ලේඛනයක් නොව ක්‍රියාවට නැගූ පියවර පිළිබඳ වාර්තාවක්
බවත් බ්‍රිතාන්‍ය අගමැතිවරයා ප්‍රකාශ කරයි.
බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් එසේ කියා සිටියේ ලන්ඩන් හි ඩවූනින් වීදියේ පිහිටි අගමැති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පිළිගැනීමෙන් අනතුරුවයි.
ඉතාමත්ම හොඳ සාකච්ඡාවක් පැවති බවත් ජනාධිපතිවරයාගේ ප්‍රතිසංස්කරණ ඇති කිරීමේ, දූෂණ තුරන් කිරීමේ සහ ශ්‍රී ලංකා වාසීන් ඒක රාශී කිරීමේ උත්සාහයට පුළුල් ලෙස සහය දක්වන බවත් ඔහු පැවසුවේය.
ප්‍රකාශයට පත් කොට ඇති සාමාන්‍ය ජනතාව වෙසෙන පළාත් වලින් යුද හමුදා ඉවත් කිරීම , උතුරේ දෙමළ වැසියන්ට ඔවුන්ගේ ඉඩම් ආපසු ලබා දීම, සහ යළි පදිංචි කිරීම් ආදිය ක්‍රියාවට නැංවීම දැක ගැනීම බ්‍රිතාන්‍ය රජයේ අපේක්ෂාව බවයි ඔහු කියා සිටියේ.
ඒවා තිරසාර කාර්යයන් බව පැවසූ බ්‍රිතාන්‍ය අගමැතිවරයා ශ්‍රී ලංකාවේ ඉපැරණි සහ ශක්තිමත් මිතුරකු වශයෙන් , බ්‍රිතාන්‍යය, එම කටයුතු කර ගෙන යාම සඳහා සහයෝගය දක්වන බව පැවසුවේය.
මෛත්‍රීපාල සිරිසේන පාලනය ලබා දී ඇති පොරොන්දු ඉටු කරනු ඇති බවට තමන්ට විශ්වාස දැයි ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දුන් බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් පැවසුවේ;
“මට බෙහෙවින් විශ්වාසයි ප්‍රතිසංස්කරණ ඇති කිරීමට සහ සහජීවනය ඇති කොට ජාතිත් අතර සමගිය ඇති කරන ක්‍රියාවලියක් සඳහා සහ , ජාතික රජයක් ඇති කරන සාකච්ඡා වෙනුවෙන් නව ජනාධිපතිවරයා කැපවී සිටින බවට”
යළි පදිංචි කිරීම පිණිස පත් කොට සිටින ඇමතිවරයාත් දෙමළ ජාතිකයකු බව ඔහු පෙන්වා දුන්නේය.
යුද හමුදා සාමාන්‍ය ජනතාව අතරින් ඉවත් කිරීමට පියවර ගැනීමත්, දෙමළ ජනතාව යළි පදිංචි කිරීමට සහ යුද හමුදාවෙන් ඉඩම් ආපසු ලබා ගෙන පළාත් බද ජනතාවට ලබා දීමත් දෙස බලන විට ඒවා ඒවා සාධනීය ලක්ෂණ ලෙසට තමන් විශ්වාස කරන බව බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් ප්‍රකාශ කළේය.
දැන් එළඹ ඇත්තේ සියලු දෙනාම එක්ව සහජීවනයෙන් යුතුව ජීවත් වීම බවත් ඒ සඳහා ගන්නා සෑම ක්‍රියා මාර්ගයකට බ්‍රිතාන්‍යයේ සහාය ලැබෙන බවත් ඔහු කියා සිටියේය.
උපුටා ගැනීම http://www.bbc.co.uk/sinhala

0 comments:
Post a Comment