ඉන්දීය ධීවරයන් ශ්‍රී ලංකා මුහුදු තීරයේ මසුන් මැරීම් සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ කළ ප්‍රකාශයට දකුණු ඉන්දීයාවෙන් විරෝධය පල වෙයි.
දකුණු ඉන්දීය රූපවාහිනී ආයතනයක් විසින් නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි අගමැති රනිල් වික්‍රමසිංහ එසේ ප්‍රකාශ කළේ.
තමන්ගේ නිවසට කිසිවකු බලහත්කාරයෙන් ඇතුල් වෙනවා නම් තමාට වෙඩි තැබීමට නීතියෙන් ඉඩ කඩ ඇති බවයි ඔහු තවදුරටත් කියා සිටියේ.
ඉන්දීය ධීවරයන් ශ්‍රී ලංකා මුහුදු කලාපයට නොපැමිණ ඉන්දීය කලාපයේ මසුන් මරන්නේ නම් මේ ප්‍රශ්නය උද්ගත නොවන බවයි ඔහු පැවසුවේ.
ඉන්දීය ධීවරයන් ශ්‍රී ලංකා මුහුදු කලාපයට පැමිණීම හේතුවෙන් උතුරේ ධීවරයන්ගේ ජීවිකා වෘතියට බලපෑමක් එල්ලවී ඔවුන්ගේ ආදායම අහිමිවී ඇති බව අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය.
විරෝධය
ශ්‍රී ලංකා අගමැතිවරයා කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වන දකුණු ඉන්දීය දේශපාලකයෝ සහ ධීවරයෝ සිය කනස්සල්ල සහ විරෝධය පල කරති.දකුණු ඉන්දීය දේශපාලකයන් පැවසුවේ ශ්‍රී ලංකා අගමැතිවරයා එවැනි තදබල ප්‍රකාශයක් කිරීම අනුමත කළ නොහැකි බවයි.
සිදු කළ යුත්තේ එම ධීවරයන්ට ආරක්ෂාව සැපයිය යුතු බවයි දකුණු ඉන්දීය දේශපාලකයන් පැවසුවේ.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශක සයද් අක්බරුදීන් (Syed Akbaruddin) පැවසුවේ මේ ප්‍රශ්නය සාමකාමීව රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් විසඳා ගැනීමට හැකියාව ඇති බවයි.
“අපි විශ්වාස කරනවා අපිට එකමුතුව, සාමකාමීව, රාජ්‍ය තාන්ත්‍රික ආකාරයට මේ ප්‍රශ්නය විසඳා ගැනීමට හැකියාව තිබෙන බව, ” ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශකයා මාධ්‍යවේදීන් අමතමින් ප්‍රකාශ කළේය.
උපුටා ගැනීම http://www.bbc.co.uk/sinhala
0 comments:
Post a Comment