මහින්ද රාජපක්ෂ මහතාට
සෙත් පතා පැවැති ආශීර්වාද පින්කමක් ඇතුළු ආගමික කටයුතු කිහිපයක් කඩුවෙල,
කොරතොට පුරාණ පත්තිනි පූජා භූමියේදී භික්ෂූන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන්
පැවතුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු මන්ත්‍රීවරුන් සහ
ප්‍රාදේශීය නායක තුමන්ලා රැසක් ඊට සහභාගී වුණා.
ශ්‍රී ලංකා නිදහස්
පක්ෂයේ ජාතික සංවිධායක සහ එක්සත් ජනතා නිදහස් සංධාන මහ ලේකම් සුසිල්
ප්‍රේමජයන්ත් මහතාත් සහභාගී වී සිටීම විශේෂත්වයක් වුණා. මහින්ද රාජපක්ෂ
මහතාට එරෙහි පක්ෂ වල බොහෝ අයගේ බලාපොරොත්තු සුන් වීමක් ලෙස එය දැක්විය
හැකියි.
පැමිණි සිටි අති විශාල ජනකායේ ප්‍රීතිඝෝෂා මධ්‍යයේ ඔවුන් වෙනුවෙන් මහින්ද
රාජපක්ෂ මහතා වචන ස්වල්පයක් පැවසීමටත් අමතක කළේ නෑ.
0 comments:
Post a Comment