Monday, March 23, 2015

විධායක සභාවේ ඉන්නවද? නැද්ද? 

ජවිපෙ තීරණය අද 


ජාතික ආණ්ඩුව පිහිටුවීමෙන් පසුව ජනතා විමුක්ති පෙරමුණ තව දුරටත් ජාතික විධායක සභාවේ රැඳී සිටිනවාද නැද්ද යන්න ගැන අද (23) තීරණයක් ගන්නා බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා ජවිපෙ මූලස්ථානයේ පුවත්පත් සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය. 

ජනපතිවරණ සමයේ දුන් පොරොන්දුවලට පටහැනිව ඇමැති මණ්ඩල සංඛ්‍යාව බෙහෙවින් වැඩි කර ඇතැයිද ඒ තත්ත්වය යටතේ ජවිපෙට ජාතික විධායක සභාවේ රැඳී සිටිය හැකිද යන්න ගැන තීරණයක් ගන්නා බවද ඔහු කියයි.

ශ්‍රීලනිපයේ පිරිසක් ජාතික ආණ්ඩුවට එක්ව සිටියදී නිමල් සිරිපාල ද සිල්වා මහතා විපක්ෂ නායක ලෙස ක්‍රියාකරන ආකාරය ගැනද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරන බව ඔහු පවසයි.

0 comments:

Post a Comment