ඉන්දීය සහ සහ බංග්ලාදේශ්
ක්‍රිකට් කණ්ඩායම් අතර පැවති ලෝක කුසලාන පූර්ව අවසාන අර්ධ තරගයේ දී
ක්‍රිකට් විනිසුරුවරුන් විසින් දෙන ලද තීන්දුවලට එරෙහිව ධකා ඇතුළු ප්‍රධාන
නගරවල මහජන උද්ඝෝෂණ ආරම්භ වූ බව වාර්තා වෙයි.
එම තරගයෙන් බංග්ලාදේශ් කණ්ඩායම පරාජය වූ අතර විනිසුරු වැරදි තීන්දු
කීපයක් ම තමන්ට අවාසි සහගත වූ බව බංග්ලාදේශ් ක්‍රිකට් පාලක මඬලට පවසන නමුත්
එය විනිසුරු තීන්දුවල වරදක් නොව සිතාමතාම ඉන්දියාවට පක්ෂව ජාත්‍යන්තර
ක්‍රිකට් පාලක මණ්ඩලය සිදු කළ කුමන්ත්‍රණයක්ය යන්න බොහෝ බංග්ලාදේශ්
ක්‍රීඩාලෝලීන් ගේ අදහස වී ඇත.
ජගත් ක්‍රිකට් කුසලානයේ ඉන්දියාව සහ බංග්ලාදේශය අතර පසුගිය
බ්‍රහස්පතින්දා පැවැත්වුණු තරඟයේ තරඟ විනිසුරුවන් පිළිබඳව අයිසීසී සභාපති
මුස්තාෆා කමල් කළ ප්‍රකාශයක් ‘ඉතා කනගාටුදායක’ බව අයිසීසී ජගත් ක්‍රිකට්
පාලක මණ්ඩලය පවසයි.
තරගයේ විනිසුරුවන් ‘පක්ෂග්‍රාහී’ බවට චෝදනා කළ අයිසීසී සභාපති මුස්තාෆා
කමල් ඔවුන් “සිතාමතාම” වැරදි තීන්දු දුන්නේ දැයි සැක සිතෙන බවත් අයිසීසී ය ඒ
පිළිබඳව පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් කියා සිටියේ ය.
“විනිශ්චයකරුවන්ගේ තීන්දුවල කිසිම ප්‍රමිතියක් නෑ,” යනුවෙන්ද බංග්ලාදේශ
ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපතිවරයකු සහ වත්මන් බංග්ලාදේශ ආණ්ඩුවේ
සැලසුම් පිළිබඳ අමාත්‍යවරයාද වන මුස්තාෆා කමල් මාධ්‍ය හමුවේ සඳහන් කළේ ය.
උපුටා ගැනීම http://thecolombopost.net
0 comments:
Post a Comment