Sunday, March 22, 2015

හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා අද (22) "ෆීල්ඩ් මාර්ෂල්" ධුරයට උසස් කෙරුණා.එම උත්සවය අද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවති අතර "ෆීල්ඩ් මාර්ෂල්" ධුරයට උසස් කෙරෙන ප්‍රථම හමුදා නිළධාරියා සරත් ෆොන්සේකා වීම සුවිශේෂි වේ.

ෆීල්ඩ් මාෂල් තනතුරට තරු පහක් හිමි වන අතර ඔහු කිසි දිනක විශ්‍රාම නොයයි. ෆීල්ඩ් මාෂල්වරයකුට විශේෂ වරප්‍රසාද රැසක් ද හිමි වෙයි. මේ අතර ෆීල්ඩ් මාෂල් ධුරය හිටපු යුද හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකාට පමණක් ලබාදිම ගැන තමන් නොසතුට පලකරන බව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලබොඩ අත්තේ ඥනසාර හිමි පැවසුව .ඒ පසුගියදා පැවති මාධ්‍ය හමුවකදිය . ඥනසාර හිමි සදහන් කළේ යුද්ධය අවසන් කළේ ෆොන්සේකා පමණක් නොවන බවත් නාවික හමුදාපතිට,ගුවන් හමුදාපතිටද එපමණක් නොව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂටද අදාල උසස්වීම් ලබාදිය යුතු බවයි. 

1970.02.05 වැනිදා කෙඩෙට්‌ නිලධාරියකු ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවට බැඳී 1971.06.01 වැනිදා දෙවන ලුතිනන්වරයකු ලෙස අධිකාරියට පත්වී සිංහ රෙජිමේන්තුවේ නිලධාරියකු ලෙස එක්‌වූ ජෙනරාල් සරත් ෆොන්සේකා සිංහ රෙජිමේන්තුවෙන් බිහිවූ ප්‍රථම යුද හමුදාපතිවරයා ලෙස වාර්තාවක්‌ ද තබමින් 2005.12.06 වැනිදා ශ්‍රී ලංකා යුද හමුදාවේ 18 වැනි හමුදාපතිවරයා වශයෙන් පත්විය.

 ජෙනරාල් සරත් ෆොන්සේකා යුද හමුදාපති තනතුරට පත්වීම එල්.ටී.ටී.ඊ. යෙහි අවසානයේ ආරම්භක පියවර බව දැන සිටි ප්‍රභාකරන් එතැන් සිට යුද හමුදාපතිවරයා ඝාතනය කිරීමට සැලසුම් කළේය. ඵ් අනුව 2006.04.25 වැනිදා එම ඝාතන සැලසුම ක්‍රියාත්මක කළ අතර, එහිදී මරාගෙන මැරෙන කොටි ප්‍රභාරයෙන් බරපතල තුවාල ලැබූ ජෙනරාල් ෆොන්සේකා දිවි ගලවා ගත්තේය. දිවි ගලවා ගැනීමට සමත්වූ හෙතෙම ප්‍රභාකරන් ප්‍රමුඛ කොටි ත්‍රස්‌තවාදය පරාජය කිරීමේ මාරාන්තික සටන අරඹා එහි අවසන් ජයග්‍රහණය කරා ඊට එඩිතර හා නිවැරදි යුද නායකත්වය දෙමින් ලොව දරුණුතම ත්‍රස්‌තවාදී සංවිධානය විනාශ කරමින් ලොව දක්‍ෂතම යුද හමුදාපති වශයෙන් ලෝකයේ පිළිගැනීමට පාත්‍ර විය. ජෙනරාල් සරත් ෆොන්සේකා 2009.07.16 වැනිදා යුද හමුදාපති තනතුරින් සමුගෙන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි තනතුරට පත්විය,

 ශ්‍රී ලංකාවෙහි යුද්ධ හමුදාපති ලෙසින්, ශ්‍රී ලාංකික සිවිල් යුද්ධය 2009 දී කෙලවර කිරීමට සාධනීය භූමිකාවක් ඉටු කලේය. ඵ්කාබද්ධ මෙහෙයුම් ආඥපති තනතුර කාලයක්‌ අක්‍රියව තිබියදී 2000 වසරේදී ඊට සමානව ආරක්‍ෂක මාඩණ්‌ලික ප්‍රධානි යනුවෙන් තනතුරක්‌ ආරම්භ කළ අතර, නව පනතක්‌ යටතේ එහි බලතල සහ වගකීම් වැඩි කර ජනරාල් සරත් ෆොන්සේකා පූර්ණ බලැති ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානියා වශයෙන් පත් කළේය. අවසානයේදී මාස 04 ක්‌ වැනි කෙටි කාලයකදී එම බලතල සහ වරප්‍රසාද සියල්ල අතහැර ජෙනරාල් සරත් ෆොන්සේකා, 2009 නොවැම්බර් 16 වැනි දින 39 වසරක හමුදා සේවයෙන් සමුගෙන ගියේය. ජෙනරාල් ෆොන්සේකා විරුද්ධ පක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා ලෙස හංසයා ලකුණින් ලබන 2010 ජනවාරි 26 වැනිදා පැවැත්වෙන රටේ අනාගතය ගොඩනැගීමට නිදහස්‌ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම වෙනුවෙන් ජනාධිපතිවරණයට වැදුනි.

 මෙම මැතිවරණයේදී 47% ක මනාප ප්‍රතිශතයක් ලබාගනිමින් ඔහු දෙවන ස්ථානයක පත් විය. මෙම මැතිවරණයේදී ඔහුට එක්සත් ජාතික පෙරමුණ, ජනතා විමුක්ති පෙරමුණ හා වෙනත් සුළු පක්ෂ ගණනාවක සහයෝගය ලැබිණි. මෙම මැතිවරණයේදී 47% ක මනාප ප්‍රතිශතයක් ලබාගනිමින් ඔහු දෙවන ස්ථානයට පත් විය. මෙම මැතිවරණයේදී ඔහු එක්සත් ජනතා නිදහස් සන්ධාන​ අපේක්ෂකයා වන මහින්ද රාජපක්ෂ හට පරාජය විය. ෆොන්සේකා මහතා මෙම ප්‍රතිපල ප්‍රතික්ෂේප කරන ලදී. 

 උපුටා ගැනීම http://lankanewsalert.com

0 comments:

Post a Comment