ශ්‍රී ල.නි.ප.යේ ප්‍රගතිශීලී දේශපාලනඥයන් කිහිපදෙනකුම තමන්ට නාම යෝජනා දෙන ලෙස ඉල්ලීම් කර ඇති බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් හා මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසයි.
පෙරේදා මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සදහන් කළේ ඉදිරි මහ මැතිවරණය නව මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්වීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීන්දුවක් ගෙන නොමැති බවයි.
ඔවුන්ටද අවස්ථාව දෙන අතරේ සිය පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් උගත් බුද්ධිමත් නවකයන් සහ කාන්තාවන් ඇතුළු ශක්තිමත් කණ්ඩායමක් මැතිවරණයට ඉදිරිපත් කරන බවද සදහන් කළා.
මේ අතර ජාතික ආණ්ඩුවක් පිහිටුවන මහ මැතිවරණය කල් දැමීමට ශ්‍රී ල.නි.ප. ඇතැම් නායකයන් සාකච්ඡා කළද පොරොන්දු වූ පරිදි දින සියය ඇතුළත මහ මැතිවරණය පැවැත්විය යුතුය යන්න එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය බවද අමාත්‍යවරයා සදහන් කළා.
උපුටා ගැනීම
http://lankanewsalert.com
0 comments:
Post a Comment